නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 6ක් අත්අඩංගුවට

0
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 6ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 6ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 6 දෙනෙකු යාපනය නගර් කෝවිල් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන්, නීතිවිරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකර මෙම මුහුදු කූඩැල්ලන් අල්ලා ගොඩබිමට රැගෙන එමින් සිට ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරුවන් අවුරුදු 23ත් 37ත් අතර වයසේ පසුවන මන්නාරම හා යාපනය වැල්වැටිතුරයි ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ සමග සැකකරුවන්ව, ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com