මැදපෙරදිග පාලම් 8ක් පුපුරවනවා – ඉරානය
මැදපෙරදිග පාලම් 8ක් පුපුරවනවා - ඉරානය
අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිට උතුරින් පිහිටි කරජ් ප්‍රාන්ත දක්වා දිවෙන එරට උසම පාලම පුපුරුවා හැරීමට ප්‍රතිචාර ලෙස මැදපෙරදිග රටවල් 5ක පිහිටි පාලම් 8ක් පුපුරවා දමන බවට ඉරාන ආරක්ෂක හමුදාව නිවේදනය කර ඇතැයි වාර්තා වේ.
ඉරාන ආරක්ෂක හමුදාව විසින් පුපුරවා හරින බවට අනතුරු අඟවා ඇති මැදපෙරදිග කලාපයේ පාලම් 8ක් නම් කර ඇති අතර, කුවේට් රාජ්‍යයේ පිහිටි කිලෝමීටර් 36ක දුරකින් යුතු ශෙයික් ජබාර් අල් අහමඩ් අල් සබා මුහුදු පාලම, සවුදි අරාබියේ සිට බහරේනය දක්වා දිවෙන කිංග් ෆහඩ් පාලම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශෙයික් සයිඩ් පාලම, අල් මක්ටා පාලම සහ ශෙයික් කලීෆා පාලම, ජෝර්දානයේ කිංග් හුසේන් පාලම, දාමියා පාලම සහ අබ්ඩෝන් පාලම ඒ අතර ඇතැයි ඉරානයේ ෆාර්ස් පුවත් ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ විශාලතම පාලම පුපුරවා දැමූ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද නිවේදනයක් නිකුත් කළ අතර, ඉරාන රජය විසින් අමෙරිකානු ඩොලර් 400ක වියදමින් අලුතින්ම ඉදි කරනු ලැබූ මීටර් 136ක් උසැති B1 නමැති එල්ලෙන පාලමට එල්ලවූ ප්‍රහාරයෙන් පුද්ගලයන් අටදෙනකුද ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.




