ආබාධිත පුද්ගලයින්ට ප්‍රමුඛතා බස් රථ සේවාවක්

0
ආබාධිත පුද්ගලයින්ට ප්‍රමුඛතා බස් රථ සේවාවක් ලබන මාසයේ සිට

ආබාධිත පුද්ගලයින්ට ප්‍රමුඛතා බස් රථ සේවාවක් ලබන මාසයේ සිට

ආබාධිත පුද්ගලයින් සඳහා ප්‍රමුඛතා බස්රථ සේවාවක් ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

‘සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක්’ යන රජයේ දැක්ම අනුව ආරම්භ කළ මෙමෙ වැඩසටහන සඳහා රුපියල් මිලියන 430.7 මූල්‍ය ප්‍රතිපාධන යොදාගෙන ඇති අතර මෙය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් ක්‍රියාත්මක වන තවත් සුවිශේෂි ව්‍යාපෘතියක්.

මෙහි පළමු අදියර යටතේ රෝද පුටු භාවිතා කරන්නන්ට ඉතා පහසුවෙන් ලඟා විය හැකි පතුල පහළ විශේෂ වර්ගයේ නවීන වායු සමනය කළ විශේෂ බස් රථ 10ක් පසුගිය 10 වැනිදා හම්බන්තොට වරාය වෙත ගෙනවිත් තිබෙනවා.

මෙම එක් බස් රථයක එකවර මගීන් 80ට ගමන් කල හැකි අතර මෙය ආසන 33කින් සමන්විතවනවා.

රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂිත තාක්ෂණික අංග වලින් සමන්විත වන මෙමෙ බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මූලික කරගනිමින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එහිදී මාකුඹුර සිට පිටකොටුව දක්වාත්,මාකුඹුර සිට කඩවත දක්වාත් පෙරවරු හා පස්වරු කාලයේ විනාඩි 40ට වරක් මෙමෙ බස් රථ ධාවනය වීමට නියමිතයි.

විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල ඇතුළුව කොළඹ ජාතික රෝහල යන ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ආවරණය කරමින් ධාවන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා

මේ සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තෝරාගත් රියදුරන් 28 දෙනෙකු සඳහා විශේෂ පුහුණුවක් ලබා දීමට කටයුතු යොදා තිබෙන අතර ක්ලීන් ශ්‍රී පංකා වැඩසටහන යටතේ බස් නැවතුම්පොළවල්ද ප්‍රතිසංසිකරණය කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් පවසන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com