යෝෂිත රාජපක්ෂට අධි චෝදනා
යෝෂිත රාජපක්ෂට අධි චෝදනා
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ නඩුවකට අදාළව මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට හෝමාගම මහාධිකරණයේදී ඊයේ (10) අධි චෝදනා පත්‍ර භාර දෙනු ලැබුවා.
පෞද්ගලික බැංකුවක පවත්වාගෙන ගිය ගිණුමකට රුපියල් මිලියන 17ක මුදලක් බැර කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම නඩුව පවරා තිබුණා.
ඒ අනුව හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රීෂාන්ති අමරතුංග මහත්මිය හමුවේ විත්තිකාර යෝෂිත රාජපක්ෂ පෙනී සිටි අතර එහිදී ඔහුට එරෙහි අධි චෝදනා පත්‍ර කියවා භාර දීමට කටයුතු කෙරුණා.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව විත්තිකරු ඇප මත මුදා හැරීමට විනිසුරුවරිය නියෝග කළා.
ඒ අනුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරුණා.
මීට අමතරව, ලබන මාර්තු මස 19වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුට විදේශ ගමන් තහනමක් පැනවූ අධිකරණය, සෑම මසකම පළමු වන සහ තෙවන ඉරු දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවටද නියෝග කළා.
මෙම නඩුවටම සම්බන්ධව සිටි යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය නඩු විභාගයකට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් ඇයට නොමැති බවට වෛද්‍යවරුන් නිර්දේශ කර තිබීම හේතුවෙන් පසුගිය 25 වනදා එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය පියවර ගෙන තිබුණා.




