ව්‍යාජ ආයතන සහ පුද්ගලයින් ගැන ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිවේදනයක්

0
ව්‍යාජ ආයතන සහ පුද්ගලයින් ගැන ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිවේදනයක්

ව්‍යාජ ආයතන සහ පුද්ගලයින් ගැන ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිවේදනයක්

ආයුර්වේද වෛද්‍ය සභාවේ නිල නාමයට සමාන නම් භාවිතා කරමින් පවත්වාගෙන යනු ලබන ව්‍යාජ ආයතන සහ පුද්ගලයින් පිළිබඳව එම සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ ආයුර්වේද හෝ දේශීය වෛද්‍යවරුන් ලෙස පෙනී සිටීමට තරම් සුදුසුකම් නොමැති පිරිස් ලියාපදිංචි කිරීම, විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් හා සායන පැවැත්වීම මෙන්ම අධ්‍යාපන ආයතන පවත්වාගෙන යමින් කූඨ ලෙස මුදල් ඉපයීමේ ව්‍යාපාරයක නිරත වන බවට තොරතුරු ලැබී ඇති බවයි.

ආයුර්වේද, සිද්ධ, යුනානි සහ දේශීය චිකිත්සා වෛද්‍ය කටයුතුවල නිරත වීම සඳහා වෛද්‍යවරුන්ට නෛතික අවසරය ලබා දෙන එකම ආයතනය ආයුර්වේද වෛද්‍ය සභාව බවත්, යම් අයෙකු ප්‍රතිකාර සඳහා යොමු වීමේදී අදාළ වෛද්‍යවරයාගේ ලියාපදිංචිය සභාව හරහා තහවුරු කරගත හැකි බවත් එම ආයතනය පවසයි.

ව්‍යාජ ලෙස පෙනී සිටිමින් ප්‍රතිකාර කරනු ලබන සැකකටයුතු පුද්ගලයින් පිළිබඳව තොරතුරු වෙතොත් වහාම ආයුර්වේද වෛද්‍ය සභාව දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, එවැනි වංචනික ආයතන හා පුද්ගලයින්ට එරෙහිව 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධන) පනත යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බවද එම සභාව අවධාරණය කළා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් 0112 844 9666 යන දුරකථන අංකය ඔස්සේ ආයුර්වේද වෛද්‍ය සභාව සම්බන්ධ කරගත හැකියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com