JICA වෙතින් මාර්ග සංවර්ධන අධිකාරියට ඩ්‍රෝන කැමරා
JICA වෙතින් මාර්ග සංවර්ධන අධිකාරියට ඩ්‍රෝන කැමරා
ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් JICA (Japan International Cooperation Agency) වෙතින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ඩ්‍රෝන කැමරා පරිත්‍යාග කිරීමක් සිදු කර තිබෙනවා.
JICA ආයතනය මගින් ක්‍රියාත්මක SLIDER ව්‍යාපෘතිය (Strengthening The Capacity of Landslides for Resilient Road Transportation in Sri Lanka) යටතේ මෙම ඩ්‍රෝන කැමරා පරිත්‍යාග කිරීම සිදුවුණා.
JICA ආයතනයේ නියෝජිත නෝරු මත්සුනෝෂිටා (Mr. Noru Matsunoshita) මහතා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන් මහතා වෙත සංකේතාත්මකව ඩ්‍රෝන කැමරාවක් පරිත්‍යාග කිරීම මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී සිදු වුණා.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා,
” මහාමාර්ග ආශ්‍රිතව සිදුවන නායයාම් වැනි ආපදා අවස්ථාවලදී අපට ඒ ස්ථානවලට ළඟා වෙන්න බැරි නිසා අදාල තොරතුරු ලබාගැනීමේ ගැටළු පවතිනවා. මෙම ඩ්‍රෝන කැමරා භාවිතයෙන් අදාල ස්ථානවල දර්ශන පහසුවෙන් සහ වඩාත් නිරවද්‍යතාවයෙන් යුතුව ලබාගැනීමේ පහසුකම් අපට හිමිවෙනවා. මේ දත්ත ආශ්‍රයෙන් මාර්ග සැළසුම් සහ නිර්මාණ (Planning & Design) කටයුතු කඩිනම් සහ පහසු වෙනවා.
මේ සඳහා අවශ්‍ය විශේෂඥ තාක්ෂණික දැනුමද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් වෙත ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් JICA ආයතනයට ස්තුතිවන්ත වෙනවා“




