කුලී පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට

0
කුලී පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට

කුලී පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට

පදිංචිකරුවන් ආරක්ෂා කිරීම සහ කුලී අවලංගු කිරීම යන පනත් කෙටුම්පත් ද්විත්වය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) වගන්තිය ප්‍රකාරව නිල වශයෙන් මතය ප්‍රකාශ කිරීමක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.

ඊයේ (17) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානායකවරයා මේ බව නිවේදනය කළා.

එයට හේතුව ලෙස කතානායකවරයා ප්‍රකාශ කළේ එම පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබුණු පෙත්සම්, එම පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස් කර ගැනීමයි.

පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා දැනුම් දී තිබුණේ එම පනත් දැන් පවතින ස්වරූපයෙන් සම්මත කර නොගන්නා බවයි.

කෙටුම්පත විශේෂඥ කමිටුවකට ඉදිරිපත් කොට සංශෝධන සහිතව නැවත ඉදිරිපත් කරන බව දැනුම් දී තිබෙන අතර ඒ අනුව පෙත්සම්කරුවන් විසින් පෙත්සම් ඉවත් කරගැනීමට එකඟ වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com