ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

0
ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

ඉහළ යන ජීවන වියදමට එරෙහිව ඉරානයේ පැවැත්වෙන විරෝධතා සම්බන්ධව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානයට යොමුව තිබේ.

සිය Truth Social ගිණුමේ අමෙරිකානු ජනාධිපතිවරයා සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ඉරානය සාමකාමී විරෝධතාකරුවන්ට වෙඩි තබා ඝාතනය කළ හොත් ඊට එරෙහිව අමෙරිකාව මැදිහත් වීමට සූදානම් බවය.

ඉරානය විරෝධතාකරුවන්ව ඝාතනය කිරීම සිරිත වූ නමුත් අමෙරිකා එක්සත් ජනපදය ඔවුන් බේරා ගැනීම සඳහා පැමිණෙනු ඇති බවත් ට්‍රම්ප්ගේ සටහනේ සඳහන් කර ඇත.

කෙසේ නමුත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග මීට පිළිතුරු ලබා දෙමින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන අලි ලරිජානි අදහස් දක්වමින් අනතුරු අඟවා ඇත්තේ ඉරානයේ පවතින මෙම තත්ත්වයන් සඳහා එක්සත් ජනපදය මැදිහත් වන්නේ නම් එය මුළු කළාපයම අස්ථාවර වන බවත් අමෙරිකානු අවශ්‍යතා විනාශ වන බවත්ය.

ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් ඉරානයේ පැවැත්වෙන විරෝධතා මේ වන විට අයහපත් මට්ටමකට පත්ව ඇති අතර පසුගිය බ්‍රහස්පතින්දා වන විට විරෝධතාවලින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබුණි.

එමෙන්ම පවතින විරෝධතා මැද විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතරද ගැටුම් ඇතිව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තහී සඳහන්ව ඇත.

විවෘත වෙළෙඳපොළ තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉරාන මුදල් ඒකකය වන රියාල් හී අගය තවත් තියුණු ලෙස පහත වැටීමත් සමග ඉරානයේ විරෝධතා ආරම්භ විය.

පසුව මෙම විරෝධතා සඳහා ඉරාන විශ්වවිද්‍යාල සිසුන් ඊට සම්බන්ධ වූ අතර පසුව බොහෝ ජනතාවක් මේ සඳහා එක්ව කමේනිගේ පාලනය අවසන් කරන ලෙස ඉල්ලා සිටියේය. එමෙන්ම විරෝධතාකරුවන්ගෙන් ඇතැමුන් ඉල්ලා ඇත්තේ ඉරානය තුළ රාජාණ්ඩුව නැවත ලබා ගැනීමට අවශ්‍ය වී ඇති බවත්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com