ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා දීර්ඝ කෙරේ

0
ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා දීර්ඝ කරයි

ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා දීර්ඝ කරයි

ගිනිඅවි සඳහා බලපත්‍ර හිමි පුද්ගලයින් හා ආයතන 2026 වර්ෂය වෙනුවෙන් බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31වැනිදා දක්වා මසකින් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 2025 සැප්තැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මස 31වැනිදා දක්වා කාලය දක්වා පමණක් බලපත්‍ර අලුත් කිරීම සිදුකරන බවට පෙර දැනුම් දී තිබූ බවය.

ඒ අනුව, ලබන වසරේ ජනවාරි 31වන දිනෙන් පසුව බලපත්‍ර රහිතව ගිනි අවියක් ළඟ තබා ගැනීම තුවක්කු ආඥා පනතේ 22 වන වගන්තියේ විධිවිධාන අනුව දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන්ය.

2026 / 2027 වර්ෂ සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය අලුත් කිරිමද රටතුළ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ජනවාරි 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

පසුව සිදුකරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු මෙන්ම නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com