ලොව විශාලතම නගරය බවට ජකර්තාව

0
ලොව විශාලතම නගරය බවට ජකර්තාව

ලොව විශාලතම නගරය බවට ජකර්තාව

එක්සත් ජාතීන්ගේ ලෝක නාගරීකරණ නවතම වාර්තාවකට අනුව, ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ලොව විශාලතම නගරය බවට පත් වී ඇත.

ජකර්තා අගනුවර නිවහන කරගත් ගණන මිලියන 41.9ක් බව එම වාර්තාවේ සඳහන් වේ.

එසේම එක්සත් ජාතීන්ගේ එම වාර්තාවකට අනුව, ලොව දෙවැනියට විශාලතම නගරය බංග්ලාදේශයේ ඩකා අගනුවරය. ඩකා අගනුවර ජනගනය මිලියන 36.6කි.

ජකර්තා අගනුවර පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවට අයත් ජාවා දූපතේ බටහිර දෙසින් පිහිටි පහත් බිම් සහිත වෙරළබඩ ප්‍රදේශයකය.

2000 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබුණේ ලොව විශාලතම නගරය ජපානයේ ටෝකියෝ බවය. එම අවස්ථාවේදී ජකර්තා අගනුවර පැවැතියේ දෙවැනි ස්ථානයේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com