තැපැල් දෙපාර්තමේන්තුවේ නව තැපැල් රියදුරන් 36කට පත්වීම්

0
තැපැල් දෙපාර්තමේන්තුව නවක තැපැල් රියදුරන් 36කට පත්වීම්

තැපැල් දෙපාර්තමේන්තුව නවක තැපැල් රියදුරන් 36කට පත්වීම්

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සදහා පත්වීම් ලිපි ප්‍රදානය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවියගේ සහ තැපැල්පති රුවන් සත්කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40 සම්පූර්ණ කිරීම සඳහා පසුගිය ජුනි මාසයේ නිකුත්කරන ලද ගැසට් පත්‍රයට අනුව අයදුම්පත් 1500කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණු අතර එම අයදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයකට සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට යොමු කර ඊට අඳාළ සුදුසුකම් නිසි අයුරින් සම්පූර්ණ කල 36 දෙනෙකු සදහා මෙම පත්වීම් ලිපි ලබා දීම සිදු විය.

මෙම නවක තැපැල් රියදුරන්ට ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි පත්වීම් ලිපි ලබා දෙන අතර 19-20 යන දෙදින පැවැත්වෙන විශේෂ සේවාස්ථ පුහුණුවෙන් පසු ඔවුන් තැපැල් ප්‍රවාහන අංශයට අනුයුක්ත කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com