ගාසා තීරය කලාප දෙකකට වෙන් කිරීමට ඇමෙරිකාවෙන් සැලසුම්

0
ගාසා තීරය කලාප දෙකකට වෙන් කිරීමට ඇමෙරිකාවෙන් සැලසුමක්

ගාසා තීරය කලාප දෙකකට වෙන් කිරීමට ඇමෙරිකාවෙන් සැලසුමක්

ගාසා තීරය කලාප දෙකකට වෙන් කිරීමට ඇමෙරිකාව සැලසුම් කර තිබේ.

මෙම සැලසුම යටතේ ගාසා තීරය ඊශ්‍රායලය සහ ජාත්‍යන්තර හමුදා පාලනය යටතේ පවතින ප්‍රදේශ හරිත කලාපයක් ලෙස හා විනාශයට පත්ව ඇති ප්‍රදේශ රතු කලාපයක් ලෙස බෙදීමට නියමිතයි.

මේ පිළිබඳ ඇමෙරිකා හමුදා සැලසුම් ලේඛන සහ අදාළ මුලාශ්‍ර මගින් කරුණු අනාවරණය වී තිබේ.

වත්මන් ඊශ්‍රායල පාලනය යටතේ පවතින කහ රේඛාව ඔස්සේ ගාසා තීරය බෙදීමට ලක්වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කරුණු 20කින් යුත් සාම සැලැස්මට අනුව ජාත්‍යන්තර ස්ථායිකරණ බලකායක් නිර්මාණය කිරීම ද සැලසුමක් වී තිබේ.

එම බලකාය ගාසා තීරයේ හරිත කලාපයේ සේවය සඳහා යෙදවීම බලාපොරොත්තුවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com