විගණකාධිපතිගේ 2024 වාර්ෂික වාර්තාව කථානායකට

0
විගණකාධිපතිගේ 2024 වාර්ෂික වාර්තාව කථානායකට

විගණකාධිපතිගේ 2024 වාර්ෂික වාර්තාව කථානායකට

2024 වර්ෂයට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව පසුගියදා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතා විසින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පිළිගන්වන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී, ව්‍යවස්ථාපිත අරමුදල්, ව්‍යවස්ථාපිත නොවන අරමුදල්, විදෙස් ආධාර ව්‍යාපෘති, පළාත් සභා,පළාත් පාලන ආයතන, රාජ්‍ය සමාගම් ඇතුළු ආයතන ගණනාවක් 2024 වර්ෂය තුළ විගණනය කර ඒවායේ විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විගණාධිපතිවරයා විසින් කටයුතු කර ඇති අතර ඊට අදාළව මෙම වාර්ෂික වාර්තාව සකස් කොට ඇත.

නියෝජ්‍ය විගණකාධිපති එස්.ටී.ඩී රත්නායක, විගණන අධිකාරි ආර්.ඩී සේනාරත්න, ගරු කථානායකවරයාගේ සම්බන්ධීකරණ ලේකම් චමීර ගාල්ලගේ යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගි වි සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com