සෞදි අරා­බිය සහ පාකි­ස්තා­නය අතර ඩො.බි 10ක ආර­ක්ෂක ගිවි­සු­මක්

0
සෞදි අරා­බිය සහ පාකි­ස්තා­නය අතර ඩො.බි 10ක ආර­ක්ෂක ගිවි­සු­මක්

සෞදි අරා­බිය සහ පාකි­ස්තා­නය අතර ඩො.බි 10ක ආර­ක්ෂක ගිවි­සු­මක්

සෞදි අරා­බිය සහ පාකි­ස්තා­නය අතර අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 10ක උපා­ය­මා­ර්ගික අ‍ෙන්‍යාන්‍ය ආර­ක්ෂක ගිවි­සු­ම­කට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට දින 40කට පෙර රියාද් අග­නු­වර පිහිටි අල් යමාමා මාලි­ගා­වේදී සෞදි අරා­බියේ ඔටුන්න හිමි මොහො­මඩ් බින් සල­මාන් කුමරු සහ එව­කට සෞදි අරා­බියේ සංචා­ර­යක නිරත වූ පාකි­ස්තාන අග­මැති ශෙබාස් ෂරීෆ් අතර එම ගිවි­සු­මට අත්සන් තබා ඇතැ­යිද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. එම ගිවි­සුම යටතේ සෞදි අරා­බියේ ආර­ක්ෂක කට­යුතු, ඒකා­බද්ධ මෙහෙ­යුම් සහ ­පු­හු­ණු­විම් සඳහා විසි­ප­න්ද­හ­ස­කට අධික පාකි­ස්තාන හමුදා සෙබ­ළුන් පිරි­සක් අනු­යුක්ත කිරී­මට නිය­මි­තව ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

සෞදි අරා­බියේ න්‍යාෂ්ටික ආර­ක්ෂාව සඳහා මෙන්ම ඊශ්‍රා­ය­ලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන යුද මෙහෙ­යු­ම්ව­ලදී සෞදි අරා­බියේ ආර­ක්ෂාව තර කිරීමේ උපා­ය­මා­ර්ගික ක්‍රම­වේ­ද­යක් ලෙස සිදු කළ එම ගිවි­සුම අත්සන් තබා ඇත්තේ ඊශ්‍රා­යල හමු­දාව කටාර් රාජ්‍යයේ දෝහා අග­නු­ව­රට ගුවන් ප්‍රහා­ර­යක් එල්ල කිරී­මෙන් පසුව බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැද­පෙ­ර­දිග කලා­ප­යෙන් බාහිර රාජ්‍ය­යක් ලෙස ඊශ්‍රා­ය­ල­යට එරෙ­හිව විශාල හඬක් නඟ­මින් සිටින පාකි­ස්තා­නය මැද­පෙ­ර­දිග කලා­පයේ ආර­ක්ෂාව සඳහා සෘජු දාය­ක­ත්ව­යක් එම ආර­ක්ෂක ගිවි­සුම තුළින් සප­යනු ඇතැයිද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com