2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට

0
2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට

2030 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවට

ඔලිම්පික් උළෙලට පමණක් දෙවන ලොව විශාලම ක්‍රීඩා සැලකෙළිය වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඉන්දියාවේ අහ්මදාබාද් නගරයට ලබාදීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා විධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දෙවන වරටත් සත්කාරකත්වය ලබාගැනීමට ඉන්දියාවට අවස්ථාව හිමි වේ.

අවසන්වරට 2010 වසරේ දී දිල්ලි නගරයේ සත්කාරකත්වය යටතේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් ඔවුන් පවත්වා තිබුණා.
මෙවර ක්‍රීඩා උළෙලේ විශේෂත්වය වන්නේ එම වසරට ක්‍රීඩා උළෙලේ සියවස් සංවත්සරය යෙදී තිබීමයි.

ක්‍රීඩා උළෙල ආරම්භ කර ඇත්තේ 1930 වසරේ කැනඩාවේදීයි.

නයිජීරියාවේ අබුජා නගරයද 2030 සත්කාරකත්වය ලබාගැනීමට සූදානම්ව සිටියත්, පසුව ඔවුන් සිය තීරණය ඉවත්කරගෙන තිබේ.

මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ වසර 5කට පෙරයි.
අවසන් තීරණය නොවැම්බර් 26 වනදා ග්ලාස්ගෝහි මහා සභා රැස්වීමේදී ප්‍රකාශයට පත්කෙරෙනු ඇති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com