ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළ ඒකක 22,500 සීමාව ඉක්මවයි
බැංකු කළමනාකරුවන් සිව්දෙනෙකු FCID අත්අඩංගුවට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ මුල්වරට ඊයේ (17) ඒකක 22,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
සියලු කොටස් මිල දර්ශකය ඊයේ (17)දින ඒකක 217.65ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී ඇති අතර දිනය අවසානයේ දී එය ඒකක 22,633.80ක් ලෙසයි සටහන් වී ඇත්තේ.
මේ අතර S&P SL20 දර්ශකය ඊයේ (17)දිනයේ දී ඒකක 6,263.03ක් දක්වා ඉහළ ගියේ ඒකක 36.39ක වර්ධනයක් සමගින්.
ඊයේ (17) දිනයේ රු.බිලියන 11.28ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ.
