දකුණු මුහුදේ නාවික හමුදාව භාරයට ගත් යාත්‍රාවේ මත්ද්‍රව්‍ය kg 53ක්

දකුණු මුහුදේ නාවික හමුදාව භාරයට ගත් යාත්‍රාවේ මත්ද්‍රව්‍ය kg 53ක්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සිය භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53ක් තිබී සොයාගත් බව නාවික හමුදාව සඳහන් කරනවා.
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට වූ සැකයක් මත මෙම ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන ඊයේ
(17) පෙරවරුවේ ගාලු වරාය වෙත ගෙන එනු ලැබුවා.
එහිදී සිදුකළ සොයාබැලීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව තිබේ.
මේ වනවිට අදාළ ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත.