ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළ ඒකක 22,500 සීමාව ඉක්මවයි

0
ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළ ඒකක 22,500 සීමාව ඉක්මවයි

ඉතිහාසයේ පළමුවරට කොටස් වෙළෙඳපොළ ඒකක 22,500 සීමාව ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඉතිහාසයේ මුල්වරට ඊයේ (17) ඒකක 22,500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

සියලු කොටස් මිල දර්ශකය ඊයේ (17)දින ඒකක 217.65ක කැපීපෙනෙන වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වී ඇති අතර දිනය අවසානයේ දී එය ඒකක 22,633.80ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

මේ අතර S&P SL20 දර්ශකය ඊයේ (17)දිනයේ දී ඒකක 6,263.03ක් දක්වා ඉහළ ගියේ ඒකක 36.39ක වර්ධනයක් සමගින්.

ඊයේ (17) දිනයේ රු.බිලියන 11.28ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com