එජාපයෙන් විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක්

0
සජබයේ මැයි රැළියේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු

සජබයේ මැයි රැළියේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු

සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

ඊයේ දිනයේ (16) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පක්ෂය මේ බව සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා, එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතීඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතීඥ රොලන්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් ත්‍රිපුද්ගල කමිටුවට ඇතුළත් වන බව එම නිවේදනයේ සඳහන් වේ.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව එම පක්ෂය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com