ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසියට අනුමැතිය

0
ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසියට අනුමැතිය

ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසියට අනුමැතිය

ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසි කිරීමේ රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සදහා 2024-07-17 දින පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබුණ අතර එකී සංශෝධනය අනුව එම පනතේ 22 වන වගන්තියේ (7) වන උප වගන්තියේ විධි විධාන පරිදි ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසි කිරීමේ රෙගුලාසි පැනවීමට නියමිතව තිබුණා.

ඒ අනුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අංක 2397/30 හා 2024-08-14 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ‘2024 අංක 02 දරන ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය වෙන්දේසි කිරීමේ රෙගුලාසි ‘ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට වැඩබලන ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණා.

ගුවන් විදුලි සංඛ්‍යාත වර්ණාවලිය යනු ගුවන්විදුලි තරංග ගමන් කිරීම සදහා භාවිතා කරන විදුලි තරංග පරාසයයි. එම සියලුම සංඛ්‍යාත පරාසයන්වල එකතුව සංඛ්‍යාත වර්ණාවලිය වේ. ඒවා ගුවන මගින් සම්ප්‍රේෂණය වී ක්‍රියාත්මක වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com