දකුණට ‘හෑෂ්’ බෙදූ 07දෙනෙක් පොලිස් අත්අඩංගුවට

0
ඖෂධ පෙති 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ඖෂධ පෙති 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

‘හෑෂ්’ නැමති විදේශීය නිෂ්පාදිත මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් 600 ක් සමඟ සැකකරුවන් හත්දෙනෙකු මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබේ.

හබරාදුව, බද්දේගම හා මිදිගම ඇතුළු ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ධීවර ව්‍යාපාරිකයකු වන මිදිගම රනා නැමති අනුවර්ත නාමයෙන් හැඳින්වෙන සැකකරු
අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී ‘හෑෂ්’ මත්ද්‍රව්‍ය සොයා ගත් අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ තවත් සැකකරුවන් හය දෙනෙකු පිළිබඳව තොරතුරු ලබා දී තිබුණි.

සැකකරුවන් වයස අවුරුදු 45ට අඩු විවාහකයන් බවත් ධීවර රැකියාව කරමින් කඩිනමින් මුදල් ඉපයීමට මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන් හෙට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *