“සියවස් දෙකක උද්හිද උද්‍යාන පුරාවෘත්තය” ජනතා අයිතියට

0
“සියවස් දෙකක උද්හිද උද්‍යාන පුරාවෘත්තය” ජනතා අයිතියට

“සියවස් දෙකක උද්හිද උද්‍යාන පුරාවෘත්තය” ජනතා අයිතියට

“රාජකීය උද්භිද උද්‍යානයේ නිර්මාතෘවරයා වන ඇලැක්සැන්ඩර් මූන් මහතා අනුස්මරණය කරමින් පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය තුළ ඊයේ (28) ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මැතිණියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය ගරු වෛද්‍ය දම්මික පටබැඳි මහතා,පරිසර නියොජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා,පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල මහතා සහ උද්හිද උද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්, පරිසර නියමු භටයන්, දේශපාලන අධිකාරිය ඇතුළු පිරිසක් සහභාගි විය.

මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමිය විසින් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දී පිණි බෙරළිය ශාකයක්ද සංකේතාත්මකව සිටුවන ලද අතර ගරු අග්‍රාමාත්‍යතුමිය ඇතුළු සම්භාවනීය අමුත්තන් පැමිණ සිටි පරිසර නියමු භටයන් ඇතුළු පිරිස සමග සුහද පිළිසදරකද නිරත විය.

මෙම මූන් අනුස්මරණ කෞතුකාගාරය පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ වසර 200ක උද්භිද විද්‍යාත්මක විශිෂ්ටත්වය සැමරීම සඳහා ″උද්භිද විද්‍යා ඇසින් ලොව″ දැකීම යන තේමාව යටතේ සැළසුම් කර ජනතා අයිතියට පත් කරන ලදී.

මෙය රාජකීය උද්භිද උද්‍යානයේ නිර්මාතෘ ඇලෙක්සැන්ඩර් මූන් මහතා අනුස්මරණය කරනු වස් මූන් අනුස්මරණ කෞතුකාගාරය ලෙස නම් කරන ලදී. මෙම කෞතුකාගාරය උද්භිද උද්‍යාන සඳහාම වෙන් වූ ශ්‍රී ලංකාවේ ස්ථාපිත ප්‍රථම සහ එකම කෞතුකාගාරයද වේ.

නව රජයේ පරිසර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් පරිසරය පිළිබද මහජනතාව වෙත අවබෝධය සහ දැනුම ලබාදීම සදහා මෙම කෞතුකාගාරය ඊයේ (28) දින සිට මහජනතාවට විවෘත වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com