මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ තනතුරු ප්‍රදර්ශනය තහනම් – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

0
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ වෛද්‍ය, නීතිඥ ඇතුළු විවිධ වෘත්තීන්වලට අදාළ ලාංඡන ප්‍රදර්ශනය කිරීම නීත්‍යනුකූල නොවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෝටර් වාහන පරීක්ෂක ප්‍රභාත් රාජතේවගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ නීත්‍යනුකූලව ප්‍රදර්ශනය කළ හැකිවන්නේ ආදායම් බලපත්‍රය පමණක් බවයි.

ඒ අනුව වෛද්‍යවරු, නීතිඥවරු ඇතුළු වෘත්තිකයන් සිය වෘත්තියට අදාළව ප්‍රදර්ශනය කරන ලාංඡන මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ ඇලවීම නීත්‍යනුකූල නොවේ.

මෙයට අමතරව වීදුරුවේ ඉහළින් පහෙන් එකක ප්‍රමාණයක් පමණක් ඉර එළිය වැළැක්වීම සඳහා අඳුරු කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com