ඇල්ල බස් අනතුර ගැන අවසන් විමර්ශන වාර්තාව නිකුත් වේ

ඇල්ල බස් අනතුර ගැන අවසන් විමර්ශන වාර්තාව නිකුත් කරයි
පුද්ගලයින් 16 දෙනෙකුට මරු කැදවමින් ඇල්ල ප්‍රදේශයේ සිදු වු බස් අනතුර පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවසන් විමර්ශන වාර්තාව නිකුත් කර තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ, තිරිංග පද්ධතියේ පැවති දෝෂය සහ රියදුරුට රථය පාලනය කිරිමට නොහැකි වීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ පංචපුද්ගල කමිටුව අනාවරණය කර ඇති බවයි.
එම කමිටුවේ අවසන් වාර්තාව හෙට ප්‍රවහන හා මහාමාර්ග අමාත්‍යංශයට භාරදිමට නියමිතව තිබේ.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23වැනි කිලෝ මීටර් කණුව අසලදී ඉකුත් 4 වැනිදා බස් රථයක් ප්‍රපාතයකට පෙරළමෙන් එම අනතුර සිදු විය.
අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු මියගිය අතර ප්‍රතිකාර ලබමින් සිටි තවත් කාන්තාවක් පසුගිය 12 වැනිදා මිය ගියේය.
එලෙස මියගියේ විනෝද චාරිකාවකට එක්ව සිටි තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසකි.
අනතුරින් පසුව බස් රථයේ හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇපමත මුදා හැරි අතර ඔහු අත්අඩංගුවට ගත්තේ බස් රථය නිසි ලෙස නඩත්තු නොකිරීමේ චෝදනාව මතයි.