පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක්

0
පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක්

පාසල් විද්‍යාගාර වෙනුවෙන් මිලියන 500ක්

දිවයින පුරා පිහිටි 1AB ගණයේ සහ 1C ගණයේ පාසල් විද්‍යාගාරවලට උපකරණ සහ රසායනික ද්‍රව්‍ය මිලදීගැනීම වෙනුවෙන් 2025 වර්ෂයේ ද්වීතීක අධ්‍යාපන ආංශික වැඩිදියුණු කිරීමේ වැඩසටහන (SESIP) යටතේ පාසල් පාදක ප්‍රදානයක් ලෙස මිලියන 500ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ විද්‍යා අංශය මගින් මේ වනවිට අදාළ ප්‍රතිපාදන පාසල් සංවර්ධන සමිති ගිණුම් වෙත බැර කරමින් පවතින අතර පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන ප්‍රතිපාදන වෙන් කිරීම සිදුකෙරේ.

මෙහිදී පාසලකට ලැබෙන උපරිම මුදල රුපියල් මිලියනයක් වන අතර අවම මුදල රුපියල් 40,000කි.

විද්‍යා අධ්‍යාපනයේ ප්‍රවර්ධනය හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි අවධානයක් ලබාදීමත්, ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට අවශය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමත් මෙහි අරමුණ වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com