පදක්කම් ගොන්නක් දිනා ගනිමින් සමස්ත තරගාවලියේ ජයග්‍රහණයද හිමි කර ගත් කායවර්ධන ශූරයින් දිවයිනට

පදක්කම් ගොන්නක් දිනා ගනිමින් සමස්ත තරගාවලියේ ජයග්‍රහණයද හිමි කර ගත් කායවර්ධන ශූරයින් දිවයිනට
තායිලන්තයේ පැවති මිස්ටර් යුනිවර්ස් කායවර්ධන ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (27) අලුයම දිවයිනට පැමිණියා.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකුගෙන් 07 දෙනෙකු රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 06ක් දිනා ගනිමින් සමස්ත තරගාවලියේ ජයග්‍රහණයද හිමි කර ගැනීම විශේෂතත්වයක්.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 30ක කායවර්ධන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 කගේ සහභාගීත්වයෙන් පසුගියදා (23)(24) ජාත්‍යන්තර කායවර්ධන සහ යෝග්‍යතා සම්මේලනයේ අනුග්‍රහයෙන් තායිලන්තයේ පවත්වා පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය සහ ලියාපදිංචිය සහිත ශ්‍රී ලංකා කායවර්ධන සහ යෝග්‍යතා සම්මේලනයේ, පොලිස් විශේෂ කාර්යය බළකායේ සැරයන් කේ.ඩී.මායාදුන්න ක්‍රීඩකයා රන් පදක්කම් 02ක් සමග ලෝකයේ ඉහළම කායවර්ධන තරගාවලිය වන ඇමෙරිකාවේ මිස්ටර් ඔලිම්පියා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට අවශ්‍ය සුදුසුකම් සහිත අයි.එෆ්.බී.බී.ප්‍රෝ කාඩ්පත (I.F.B.B.Pro Card) දිනා ගැනීමටද සමත් වුණා.
එමෙන්ම මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් සහභාගී වූ ඩයස් වනිගසේකර ද රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කායවර්ධන ශූරතා තරගාවලියකට සහභාගී වී එයින් ලෝකඩ පදක්කම් 02ක් දිනා ගැනීමට චලනි කෞශල්‍යා සහ සුවිනි සුලෝචනා ක්‍රීඩිකාවන් සමත් වුණා.
ක්‍රීඩක ක්‍රීදිකාවන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා කායවර්ධන සහ යෝග්‍යතා සම්මේලනයේ නිලධාරීන් මෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්, නෑදෑ හිතවතුන් මෙන්ම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.