යුද සමයේ ඊශ්‍රා­ය­ලට ඔත්තු සැපයූ 21,000ක් ඉරා­න අත්අඩංගුවේ

0
යුද සමයේ ඊශ්‍රා­ය­ලට ඔත්තු සැපයූ 21,000ක් ඉරා­න අත්අඩංගුවේ

යුද සමයේ ඊශ්‍රා­ය­ලට ඔත්තු සැපයූ 21,000ක් ඉරා­න අත්අඩංගුවේ

ඊශ්‍රා­ය­ලය සහ අමෙ­රි­කාව සමඟ උද්ග­තවූ දින 12ක යුද සම­යේදී ඉරාන පොලී­සිය විසින් සැක කට­යුතු පුද්ග­ල­යන් 21,000ක් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ බව එරට මාධ්‍ය උපුටා දක්ව­මින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසු­ගිය ජූනි මාසයේ 13 වැනිදා පළ­මු­ව­රට ඊශ්‍රා­යල ගුවන් ප්‍රහා­ර­ය­කින් ඉරා­නයේ ඉහළ හමුදා නිල­ධා­රීන් සහ විද්‍යා­ඥ­යන් ඝාත­න­යට ලක්වී­මෙන් පසු එරට පොලී­සිය ඇතුළු ආර­ක්ෂක හමු­දාව මහා පරි­මා­ණයේ අත්අ­ඩං­ගු­වට ගැනීමේ මෙහෙ­යු­මක් ආරම්භ කළ බවත්, ඊශ්‍රා­ය­ල­යට ඔත්තු සැපයූ බවට සැක කරන පුද්ග­ල­යන් රැසක් එහිදී පොලිස් භාර­යට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

සැක සහිත ලෙස හැසි­රෙන ඕනෑම පුද්ග­ල­යකු පිළි­බඳ දැනුම් දෙන ලෙස ඉරාන ජන­තා­වට ආර­ක්ෂක අංශ­ව­ලින් උප­දෙස් ලබා දීමෙන් පසු අත්අ­ඩං­ගු­වට පත්වූ පුද්ග­ල­යන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, ඉරාන පොලිස් ප්‍රකා­ශක සයිඩ් මොන්ට­සීරෝ ඉමාඩි ප්‍රකාශ කර ඇත්තේ අත්අ­ඩං­ගු­වට පත්වූ පුද්ග­ල­යන්ගේ අන­න්‍ය­තාව හෙළි කිරී­මට නොහැකි බවය. එහෙත් එම පුද්ග­ල­යන් ඊශ්‍රා­ය­ල­යට ඉරා­නය තුළ ප්‍රහාර සිදු කිරී­මට සහාය වී ඇති බවට තොර­තුරු ලැබී ඇති බව පොලිස් ප්‍රකා­ශ­කයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com