කෝටි 18ක හෂීෂ් සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

0
කෝටි 18ක හෂීෂ් සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

කෝටි 18ක හෂීෂ් සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් දහ අට කෝටි දස ලක්ෂයක් වටිනා “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ඒවා ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ”හරිත මාවත” (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් විදේශීය ගුවන් මගී කාන්තාවක්, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (22) දින අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය 37 හැවිරිදි කැනඩා ජාතික කාන්තාවකි.

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවේ මොන්ට්‍රියල් නුවරින් රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ.
ඉන්පසු එතැන් සිට ඇය කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් 07/22 දින අලුයම 02.50ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම ”හෂීෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 18යි ග්‍රෑම් 123ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි.

මේ වනවිට මෙම කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ ”හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සහ නීතිමය කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com