කෝටියක් වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තිස්සමහාරාමයෙන් අත්අඩංගුවට

කෝටියක් වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තිස්සමහාරාමයෙන් අත්අඩංගුවට
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග එම මත්ද්‍රව්‍ය බෙදා හරින්නෙකු සමඟ තිස්සමහාරාමයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තංගල්ල පොලිස් කොට්ඨාසයේ අපරාධ ඒකකය කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඊසි කෑෂ් ක්‍රමයට අලෙවි කිරීමට සූදානම් කර තිබූ හෙරොයින් ග්‍රෑම් 250ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250ක් සොයාගෙන තිබේ.
රුපියල් දස දහස/පන්දහස/දොළොස්දහස ලෙස මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් සකස් කර තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් එක් දිනයකදී අලෙවි කරන බවටයි සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ.
එලෙස අලෙවි කිරීමෙන් ඔහුට දිනකට රුපියල් ලක්ෂ 15 ඉක්මවන ආදායමක් ලැබෙන බවද ඔහු පවසා තිබේ.
මෙම ජාවාරම පිටුපස සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සිටින බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හෙට දිනයේදී තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.