රතු වරෙන්තු ලබා සිටි පද්මසිරි පෙරේරා අත්අඩංගුවට

0
රතු වරෙන්තු ලබා සිටි පද්මසිරි පෙරේරා අත්අඩංගුවට

රතු වරෙන්තු ලබා සිටි පද්මසිරි පෙරේරා අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රතු වරෙන්තු ලැබ සිටි මනුදිනු පද්මසිරි පෙරේරා නමැත්තා මලයාසියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ

මීට අමතරව තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කමාන්ඩෝ සලින්ත නැමැත්තාද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මනුදිනු පද්මසිරි පෙරේරා වෙනත් නමකින් එරටදී පෙනී සිට ඇති අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු මෙරට පොලිසිය මගින් ලබාදී ඇති බවයි සඳහන් වන අතර 2018 වසරේදී ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඔහුගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණේ සංජීව කුමාර සමරරත්නට සහ සමන් රෝහිත පෙරේරාටයි.
පසුව මනුදිනු පද්මසිරි පෙරේරා ඩුබායි වෙත පලා ගිය අතර එහි සිට ඝාතන රැසක් මෙහෙයවා තිබුණා.

එ අනුව,මනුදිනු පද්මසිරි පෙරේරා සහ කමාන්ඩෝ සලින්ත සම්බන්ධයෙන් මෑතකදී වැඩි කතාබහක් ඇති වුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී සංජීව කුමාර සමරරත්න වෙඩි තබා ඝාතනය කිරීම ඔවුන් මෙහෙයවූ බවට වාර්තාවීමත් සමගයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com