කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සිසුන් බදවා ගැනීමේ කමිටු නිර්දේශ ඉදිරිපත් කෙරේ

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සිසුන් බදවා ගැනීමේ කමිටු නිර්දේශ
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කරගැනීමට අදාලව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පසුගිය මස 23 දින අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් කමිටුව පත් කළ අතර ඔවුන් සිය නිර්දේශ ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) – ලේකම්, ආරක්ෂක අමාත්‍යංශය (සභාපති), නාලක කලුවැව – ලේකම්, අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘතීය අධ්‍යාපන අමාත්‍යංශය (සාමාජික), වෛද්‍ය අනිල් ජාසිංහ – ලේකම්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය (සාමාජික)
මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ එම කමිටු සමාජිකයින් විසින්.
මේ ආකාරයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කරගැනීමට අදාලව පත් කළ අමාත්‍ය මණ්ඩල කමිටුව නිර්දේශ 10ක් ඉදිරිපත් කර තිබේ.
අවසාන නිර්දේශය අදාළ වන්නේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය වෙතටයි.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ඇති වෛද්‍ය පීඨ අධ්‍යයන කාර්ය මණ්ඩලයන් හි සේවය කළ නිලධාරීන් එම කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්ව වසර 5ක කාලසීමාවක් ගත වු පසුව පමණක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීමට කටයුතු කරනු ඇති බවත් සප්ත වාර්ෂික නිවාඩු ලබා ගැනිමේ දී හා සේවයෙන් විශ්‍රාම ගැනිමේ දී මෙම කොන්දේසිය අදාළ නොවන බවත් නිර්දේශයේ සඳහන්.