කීත් නොයාර් පැහැරගැනීමට අදාලව අත්අඩංගුවට ගත් දෙදෙනාට ඇප

0
කීත් නොයාර් පැහැරගැනීමට අදාලව අත්අඩංගුවට ගත් දෙදෙනාට ඇප

කීත් නොයාර් පැහැරගැනීමට අදාලව අත්අඩංගුවට ගත් දෙදෙනාට ඇප

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

පුවත්පත් කතෘවරයෙකු ලෙස සේවය කරමින් සිටි මාධ්‍යවේදී කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දී පැහැරගෙන ගොස් පහරදී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අනුව ඊයේ දිනයේ (01) සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.

පුවත්පත් කතෘවරයෙකු ලෙස සේවය කරමින් සිටි මාධ්‍යවේදී කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දී පැහැරගෙන ගොස් පහරදී තිබූ අතර සිද්ධියට අදාළව මීට පෙර හමුදා සාමාජිකයින් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශවල පදිංචි යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරද හමුදා සාමාජිකයින් ඇතුළු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed