විදුලි බල පනත සංශෝධනයට උපදේශන කාලය දීර්ඝ කරයි

0
විදුලි බල පනත සංශෝධනයට උපදේශන කාලය දීර්ඝ කරයි

විදුලි බල පනත සංශෝධනයට උපදේශන කාලය දීර්ඝ කරයි

2024 අංක 36 දරන “ශ්‍රී ලංකා විදුලි බල පනත” සංශෝධනය කිරීමට අදාලව මහජනතාව සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවකරුවන් වෙතින් උපදේශන ලබා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට අදාල මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා දින (06) පැවැත්වුණා.

ඒ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා සහ විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් විදුලි ඉංජිනේරු පුබුදු නිරෝෂණ හැඩිගල්ලගේ ප්‍රධානත්වයෙන්.

මෙම පනත සංශෝධනය කිරීමට අදාළව සංකල්ප පත්‍රිකාවක් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.

එම සංකල්ප පත්‍රිකාව http://powermin.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ මහජනතාවට පරිශීලනය කිරීමේ හැකියාවද පවතිනවා.

තවද මේ සඳහා මහජනතාවගේ ලිඛිත අදහස් පෙබරවාරි මස 14 දින හෝ ඊට ප්‍රථම අංක 437, ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයේ පිහිටා ඇති බලශක්ති අමාත්‍යංශය වෙත පැමිණ හෝ තැපැල් මගින් යොමු කල හැකියි.

මේ සම්බන්ධයෙන්වන ඔබගේ අදහස් [email protected] යන විද්‍යුත් ලිපිනය වෙත යොමු කිරීමටද හැකියාව පවතිනවා.

විශේෂයෙන්ම නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව ඉදිරි වසර පහක කාලය පුරාවට මෙන්ම ඉන් ඉදිරියටත් බලශක්ති ක්ෂේත්‍රයේ සිදු වීමට නියමිත වෙනස්කම් රටට අවශ්‍ය හා හිතකර ලෙස මෙන්ම, මහජනතාවගේ මෙන්ම පාර්ශවකරුවන් හා මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුදෙනාගේ අදහස් ලබාගනිමින් මෙම පනත සංශෝධනය කිරීම වත්මන් රජයේ විශේෂත්වය ලෙස දැක්විය හැකියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com