සිපෙට්කෝ නව ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

0
සිපෙට්කෝ නව ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

සිපෙට්කෝ නව ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවයි

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නව ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එම සංස්ථාවේ සභාපති එස් රාජකරුණා මහතා පැවසුවේය.

මෙතෙක් ඉන්ධන පිරවුම්හල් සඳහා අවසර ලබා දුන් අක්‍රමවත් පිළිවෙළ නිසා ඇති වී තිබෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා සංස්ථාව මෙම තීරණය ගත් බව සඳහන් කරයි.

එම සංස්ථාව වන විට මොරටුව විශ්ව විද්‍යාලය සමඟ එක්ව අධ්‍යයනයක් සිදු කරන අතර එම අධ්‍යයනයෙන් පසුව ඉදිරි අවශ්‍යතාද හඳුනාගනිමින් ඉන්ධන පිරවුම්හල් ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිතය.

දැනට ලැබී ඇති ඉල්ලුම් පත් අහෝසි කරනු ලබන අතර දේශපාලන හිතවත්කම් හා අක්‍රමිකතා මඟින් ඉන්ධන පිරවුම්හල් ලබාදීමේ ක්‍රමය මේ අනුව අහෝසි කරන බව ඔහු වැඩිදුරටත් පැවැසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com