මෙරට සැඟවුණු වත්කම් සෙවිමට එක්සත් ජාතීන්ගේ සහයෝගය

0
මෙරට සැඟවුණු වත්කම් සොයා ගැනීමට එක්සත් ජාතීන්ගේ සහයෝගය

මෙරට සැඟවුණු වත්කම් සොයා ගැනීමට එක්සත් ජාතීන්ගේ සහයෝගය

රජය බලාපොරොත්තුවන සැඟවුණු වත්කම් සොයා ගැනීමේ කාර්යය සඳහා සහයෝගය ලබාදීමට තම ආයතන සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එහි නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘෘ ෆ්‍රන්චේ මහතා මේ බව පැවසුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සමග පැවති සාකච්ඡාවකදීයි.

මාර්ක් ඇන්ඩෘෘ මහතා, නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමය ගොඩනැගීමේ කොමිසම සමග ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කර ඇති අතර දූෂණ වංචා වැළැක්වීමට රජය ගෙනයන වැඩපිළිවෙළට සම්පූර්ණ සහය දීමට සූදානම් බවත් ඒ සඳහා මූල්‍ය ආධාර ලබා දීමටත් එකඟ වී තිබේ.

එහිදී ශ්‍රී ලංකාව විසින් ශ්‍රී ලංකා සමුද්‍ර තීරයේදී බේරාගත් රෝහින්යා සරණාගතයින්ට මානුෂික අයුරින් සලකන ලද ආකාරය මාර්ක් ඇන්ඩෘෘ මහතාගේ ප්‍රශංසාවට ලක් වී තිබේ.

මාර්ක් ඇන්ඩෘෘ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා වසර අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි

පසුගිය මැතිවරණවලදී ශ්‍රී ලාංකික ජනතාව ජාති භේද හෝ පළාත් භේදවලින් තොරව නව රජය විශාල ආසන සංඛ්‍යාවකින් බලයට පත්කිරීම ඓතිහාසික සිදුවීමක් බව විජිත හේරත් අමාත්‍යවරයා එහිදී පවසා ඇති අතර ඉදිරියේදී උතුරු නැගෙනහිර පළාත්වල පවරාගෙන ඇති ඉඩම් අයිතිකරුවන්ට ආපසු දීම කඩිනම් කරන බවද සඳහන් කර තිබේ.

ඉදිරි කාලයේදී එක්සත් ජාතීන්ගේ සාම හමුදා සඳහා ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් බඳවා ගැනීම වැඩි කිරීමට කටයුතු කරන මෙන්ද නේවාසික නියෝජිතවරයාගෙන් අමාත්‍යවරයා ඉල්ලා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com