කෝටි 06කට අධික කුෂ් ගුවන්තොටුපොළෙන් අත්අඩංගුවට
“කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ 6යි ග්‍රෑම් 630ක් මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර “කුෂ්” මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 6කට අධික බවයි වාර්තා වන්නේ.
පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ දැනට සක්‍රීය සේවයේ නිරත හම්බන්තොට, කටුවන ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වන අතර සැකකාර කාන්තාව අම්පාර, මහඔය ප්‍රදේශයේ පදිංචි, රක්ෂණ ආයතනයක සේවයේ නිරත 30 හැවිරිදි වියේ පසුවන බව සඳහන්.
මොවුන් තායිලන්තයේ සිට පැමිණ ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.