වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය දෙන හජ් ගිවිසුමක්
මෙම වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුමකට සෞදි අරාබියේ ජෙඩාහිදී අත්සන් තබා තිබේ.
ඒ අනුව එරට හජ් උපඅමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් මහතා අතර මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව සඳහන්.
එසේම දෙරට අතර හජ් වන්දනා සමය ආශ්රිත පහසුකම් මෙන්ම බැතිමතුන්ගේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම පිළිබඳවද මෙහිදී ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.