2024 වසරේදී ශ්‍රී ලාංකිකයන් 7144 දෙනෙකු ඇස් දන් දෙයි

0
2024 වසරේදී ශ්‍රී ලාංකිකයන් 7144 දෙනෙකු ඇස් දන් දීලා

2024 වසරේදී ශ්‍රී ලාංකිකයන් 7144 දෙනෙකු ඇස් දන් දීලා

2024 වසරේදී ශ්‍රී ලාංකිකයන් දන්දුන් ඇස්වලින් විදේශිකයන් 3163 දෙනකුට ලෝකය දැකීමට වරම් හිමි වී තිබේ.

පසුගිය වර්ෂයේදී (2024)මෙරට 7144 දෙනෙකු ඇස් දන්දුන් බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ජගත් සමන් මාතරආරච්චි මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලාංකික අක්ෂි ආබාධිත පුද්ගලයින් 1475 දෙනකුටද පසුගිය වසරේදී ඇස් පරිත්‍යාග කළ බවත් 20,3000 දෙනකු සිය ඇස් දන්දීමට ලියාපදිංචි වී සිටින බවත් ඔහු පැවසීය. දන් දුන් ඇස්වලින් 1025ක් අක්ෂි ශල්‍ය පුහුණුවීම් ලබන වෛද්‍යවරුන්ගේ අධ්‍යාපනය සඳහා සපයා තිබේ.

මෙලෙස විදේශිකයින්ට ඇස් පරිත්‍යාග කොට ඇත්තේ යේමනය, ඊජිප්තුව, කෙන්යාව, ජපානය ඇතුළු රටවල් රැසක අන්ධ පුද්ගලයින්ටය. මේ අතර ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය පසුගිය වසරේදී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 2300ක් නොමිලේ සිදු කොට ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com