පැය 24ක් තුළදී වාර්තා වූ වැඩිම බීමත් රියදුරන් සංඛ්‍යාව 529ක් අත්අඩංගුවට

0
පැය 24ක් තුළදී වාර්තා වූ වැඩිම බීමත් රියදුරන් සංඛ්‍යාව 529ක් අත්අඩංගුවට

පැය 24ක් තුළදී වාර්තා වූ වැඩිම බීමත් රියදුරන් සංඛ්‍යාව 529ක් අත්අඩංගුවට

අද (01) දින පෙරවරු 06න් අවසන් වූ පැය 24ක කාලය තුළ සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද බීමත් රියදුරන් සංඛ්‍යාව 529ක් බව පොලීසිය පවසයි.

එය, විශේෂ රථවාහන මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම සංඛ්‍යාව බවද පොලීසිය පවසයි. එමෙන්ම එම කාලය තුළදී රථවාහන වැරදි සිදුකළ බවට හඳුනාගෙන නීතිය ක්‍රියාත්මක කළ සමස්ත රියදුරන් සංඛ්‍යාව 7,264ක් බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

එහිදී, බීමත් රියදුරන් 529ක්, අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රිය පැදවූ රියදුරන් 57ක්, අධික වේගයෙන් රිය පැදවූ රියදුරන් 54ක්, මාර්ග නීති උල්ලංඝණය කළ රියදුරන් 1,057ක්, බලපත්‍ර වැරදි සම්බන්ධ රියදුරන් 614ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන් 4,953ක් වශයෙන් නීතිය ක්‍රියාත්මක කර තිබේ.

මෙම විශේෂ රථවාහන මෙහෙයුම උත්සව සමයේ රථවාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පතිගේ උපදෙස් පරිදි පසුගිය මස 23වනදා සිට දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කෙරුණි.

ඒ අනුව, මෙම විශේෂ රථවාහන මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන අතර බීමත්ව රිය ධාවනය නොකිරීමටත්, මාර්ග නීති උල්ලංඝණය ඇතුළු අනෙකුත් රථවාහන නීතී රීති උල්ලංඝණය නොකරන ලෙසටත් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com