කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කර මෙරටින් පළා ගොස් සිටි අඹුසැමි යුවළක්

0
කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කර මෙරටින් පළා ගොස් සිටි අඹුසැමි යුවළක්

කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කර මෙරටින් පළා ගොස් සිටි අඹුසැමි යුවළක්

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවන් ලෙස සටහන් වී ඇති ශ්‍රී ලංකාව තුළ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කර මෙරටින් පළා ගොස් සිටි අඹුසැමි යුවළක් සහ ඔවුන්ගේ බාළ වයස්කාර දරුවා ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණෙමින් සිටියදී, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ#.

කොළඹ – 05 ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්, ඔහුගේ 43 හැවිරිදි බිරිඳ සහ ඔවුන්ගේ 14 හැවිරිදි දරුවා ඉකුත් 2021 වසරේ දී බෝට්ටු මගින් ඉන්දියාවට පළා ගොස් තිබුණි.

ඔවුන් ඒ වනවිට ශ්‍රී ලංකාව පුරා මූල්‍ය වංචාවන් විශාල වශයෙන් සිදු කර තිබූ අතර ඔවුන්ට එරෙහිව කොළඹ ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවල අධිකරණ මගින් ගුවන් ගමන් තහනම් 08ක් පනවා තිබුණි.

සැකකරු සහ ඔවුන්ගේ බාල වයස්කාර දරුවා ඊයේ දහවල් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන්පසුව ඔහුගේ බිරිඳද රාත්‍රීයේ ඉන්දියාවේ සිට තවත් ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමේ දී අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් පිළිබඳ මූලික විමර්ශන කටයුතු සිදු කළ කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ මූල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත අද (27) අලුයම භාර කෙරුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com