කෙහෙළියගේ දේපළ අත්හිටුවමින් පුවත්පත් නිවේදනයක්

0
කෙහෙළියගේ දේපළ අත්හිටුවමින් පුවත්පත් නිවේදනයක්

කෙහෙළියගේ දේපළ අත්හිටුවමින් පුවත්පත් නිවේදනයක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ අත්හිටුවන බව බව බස්නාහිර පළාත් මහාධිකරණයේ පුවත්පත් දැන්වීමකින් නිවේදනය කරයි.

අධිකරණ දැන්වීමට අනුව අල්ලස් කොමිසම විසින් බැංකු ගිණුම් 18ක් සහ ජීවිත රක්ෂණ ගිණුම් 05ක් අක්‍රිය කර ඇති අතර කොළඹ 05 ප්‍රදේශයේ මහල් නිවාසයක් සහ Mercedes-Benz මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම බැංකු ගිණුම් සහ වත්කම් කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ සමීපතම පවුලේ සාමාජිකයන් සතුය.

2024 දෙසැම්බර් 23 සිට 2025 ජනවාරි 03 දක්වා බලපැවැත්වෙන පරිදි අල්ලස් කොමිසම විසින් එකී දේපළ අත්හිටුවා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com