ජනපති අරමුදලේ අවභාවිතාව සොයන්න CIDයෙන් විමර්ශනයක්

පොලීසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරුවීම්
ජනාධිපති අරමුදලේ අවභාවිතයක් සිදුවී ඇත්ද යන්න විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පොලීසිය තීරණය කර තිබේ.
වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, අදාළ විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් සිදු කරන්නැයි උපදෙස් දී ඇති බවයි.
ජනාධිපති අරමුදල අවභාවිත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා (23) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් විය.
පැමිණිල්ල ගොනු කළේ, මහජන අරමුදල් සුරැකීමේ නීතිඥවරු සංවිධානය විසිනි.