2025 මෙරට පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් චීනයෙන්

0
පාසල් නිල ඇඳුම් බෙදා දීම, ලබන 15 වැනිදා සිට

පාසල් නිල ඇඳුම් බෙදා දීම, ලබන 15 වැනිදා සිට

ලබන වසරේදී පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම්, සම්පූර්ණයෙන් පරිත්‍යාග කිරීමට චීන රජය සූදානම් බව මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා පවසනවා.

ගම්පහ කැප්පෙටිපොළ ජාතික පාසලේ පැවති අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මෙරට පාසල් සිසුන් සදහා පසුගිය වසරේදී සියයට 70ක් සහ මේ වසරේදී සියයට 80ක් චීනය විසින් නිල ඇදුම් පරිත්‍යාග කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේදී සියයට 100ක් පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් පරිත්‍යාග කිරීමට සිය රජය සූදානම් බවයි මෙරට චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා ප්‍රකාශ කර ඇත්තේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com