ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දිනයේ (15) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ, ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍යයින් හා ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු 54 දෙනකු විසින්ය.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගය පැවැත්වීමට නියෝග කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු පිරිසක් පෙත්සමේ වගඋත්තරකරුවන් වේ.

ශිෂ්‍යයින්ගේ මූලික අයිතිවාසිකම් කඩ වි ඇති බවට නිගමනය කරමින් රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දීමට නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවන් ඉල්ලා සිටී.

ප්‍රශ්න පත්‍ර සකස් කළ කමිටුවේ නාම ලේඛනය අධිකරණයට ලබාදෙන ලෙස හා මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන සිදු කිරීමට නියෝග කරන ලෙසද පෙත්සම මඟින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

සැප්තැම්බර් 15 වැනිදා පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීම සම්බන්ධයෙන් අර්බුධකාරි තත්වයක් ඇති වුණි.
ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක්, පිටවී ඇති බව සිදුකළ පරික්ෂණ කිහිපයකදී හෙළි වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කළේය.

එම ප්‍රශ්න තුන සඳහා නිදහස් ලකුණු ලබාදී උත්තර පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමට කටයුතු කරන බව, විභාග කොමසාරිස් ජනරාල්වරයා ඊයේ දිනයේ (14) ප්‍රකාශ කළේය. ඔහු කියා සිටියේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපවත්වන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *