හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙකු නිල නිවාසවල ජල ගාස්තු ගෙවා නෑ
ජල ගාස්තු සංශෝධනයට 2024 වන තෙක් ප්රතිපත්තියක් සකස්කර තිබුණේ නෑ - ජාතික විගණන කාර්යාලය
හිටපු මැති – ඇමතිවරුන් 41 දෙනෙක් නිල නිවාසවල ජල බිල්පත් ගෙවා නොමැති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ ඉන් අය වීමට නියමිත මුදල රුපියල් මිලියන 9ක් බවයි.
ඔවුන්ට එරෙහිව පොදු රෙගුලාසි යටතේ ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළා.
එම මණ්ඩලය කියා සිටියේ කිසිදු විශේෂත්වයකින් තොරව රාජ්ය චක්රලේඛවලට අනුව ඔවුන්ට එරෙහිව කටයුතු කරන බවයි.
