හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් ඇතුළු 4කට අධිචෝදනා පත්‍ර

0
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් ඇතුළු 4කට අධිචෝදනා පත්‍ර භාරදෙයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් ඇතුළු 4කට අධිචෝදනා පත්‍ර භාරදෙයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදුන්නා.

රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදු කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ.

අල්ලස් කොමිසම ගොනුකළ මෙම අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරුණ. විත්තිකරුවන්ගේ විදෙස් ගමන්ද තහනම් කෙරුණා. ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කළා.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ මෙම අධි චෝදනා පත්‍රයේ නීත්‍යානුකූල භාවය සහ චෝදනාවල නීති විරෝධී භාවය පිළිබඳව මූලික විරෝධතා මතුකිරීමට අපේක්ෂා කරන බවයි.

විත්තිකරුවන් විමර්ශන කටයුතුවලට සහාය වී ඇති නිසාත් ඔවුන් අධිකරණය හමුවට පැමිණ සිටින නිසාත් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙසද ඉල්ලා සිටියා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරනිය සඳහන් කළේ ඇප සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවයි.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම විත්තිකරුවන් ආරම්භයේ පටන් විමර්ශන කටයුතු වලට බාධා කර ඇති බවට කරුණු අනාවරණය නොවන නිසාත් ඔවුන් රිමාන්ඩ් භාරයට පත්කොට නඩු විභාගයක් පැවැත්විය යුතු බවට කරුණු අනාවරණය නොවන නිසාත් සුදුසු ඇපයක් මත මුදා හැරීමට තීරණය කරන බවයි.

ඉන් අනතුරුව මූලික විරෝධතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම නඩුව දෙසැම්බර් මස 06 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com