ශිෂ්‍යත්ව ගැටළුවට සුදුසුම විකල්පය විද්වත් කමිටුවෙන්

ශිෂ්‍යත්ව ගැටලුවට සුදුසුම විකල්පය විද්වත් කමිටුව නිර්දේශ කරයි

ශිෂ්‍යත්ව ගැටලුවට සුදුසුම විකල්පය විද්වත් කමිටුව නිර්දේශ කරයි

ශිෂ්‍යත්ව විභාගයට පෙර සාකච්ඡා වූ බවට හදුනාගෙන ඇති ප්‍රශ්න තුන සදහා විභාගයට පෙනී සිටි දරුවන්ට ලකුණු ලබාදීම විභාගය සම්බන්ධයෙන් මතුවූ ගැටලුවට සුදුසුම විකල්පය බවට විද්වත් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

දරුවන් සියලු දෙනාට සාධාරණයක් ඉටු කිරීම අත්‍යවශ්‍ය බැවින් ඒ සදහා වන සුදුසුම ක්‍රියාමාර්ග ගත යුතු බවයි කමිටුව අවධාරණය කරන්නේ.

මතබේදයට ලක්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සදහා 7 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත්තා.

එම කමිටුව අධ්‍යාපනඥයින්, අධ්‍යාපන මනෝවිද්‍යාඥවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් හා සංඛ්‍යාන පිළිබද විද්වතුන්ගෙන් සමන්විත බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයෙන් සදහන් වන්නේ.

විභාගය නැවත පැවැත්වීම වයස අවුරුදු 10ක පමණ වයසේ පසුවන දරුවන්ගේ මානසික මට්ටමටද දැඩි බලපෑමක් හා පීඩනයක් ඇති කරන බවද කමිටුව නිකුත් කළ නිර්දේශවල සදහන්.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්දයෙන් පැන නැගුනු ගැටලුව සොයා බැලීමට පසුගිය රජයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදුකළ අතර සැකකරුවෙකුද අත්අඩංගුවට ගැණුනා.

එම පරීක්ෂණවලදීද තහවුරු වූයේ ප්‍රශ්න තුනක් පමණක් විභාගය පැවැත්වීමට පෙර නිකුත් වී ඇති බවටයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *