පැය 48ක් තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසාහි 61 දෙනෙක් ඝාතනයට පත් වේ

0
පැය 48ක් තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා 61ක් මරුට

පැය 48ක් තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා 61ක් මරුට

පැය 48ක් තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 61 දෙනෙකු ඝාතනයට පත් වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

අවතැන් වූවන්ගේ නවාතැනක් ලෙස පවත්වාගෙන යන හලිමා අල්-සාදියා පාසල් පරිශ්‍රයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු ඝාතනයට පත්වි තවත් 15 දෙනෙකු තුවාල ලැබූ බවයි එම වාර්තාවල දැක්වෙන්නේ

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරය පරිශ්‍රය තුළ ඇති හමාස් අණදෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගත් බවයි.
ප්‍රහාරයන්ගෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

පසුගිය වසරේ ඔක්තෝබර් 7වනදා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ඝාතනයට පත්වි ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 41,000ට ආසන්නයි.

තවත් 94,616 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට හා රජයට විරෝධය පළකරමින් පසුගිය සෙනසුරාදා (07) දිනයේද ටෙල් අවිව් අගනුවර දී විරෝධතා පැවැත්වුණා. ඉරිදා (08) පැවති විරෝධතා සඳහා 750,000ක පමණ පිරිසක් එක්ව සිටි බවයි අල් ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com