ඇමෙරිකාව ඉරාකයෙන් තම හමුදා ඉවත් කර ගැනීමට සූදානම්

0
ඇමෙරිකාව ඉරාකයෙන් තම හමුදා ඉවත් කර ගැනීමට සූදානම්

ඇමෙරිකාව ඉරාකයෙන් තම හමුදා ඉවත් කර ගැනීමට සූදානම්

ඇමෙරිකාව ඉරාකයෙන් තම හමුදා ඉවත් කර ගැනීමට සූදානම් වනවා.

ඇමෙරිකාව හා ඉරාකය අතර එළඹි එකඟතාවයකට අනුවයි මෙසේ ඇමෙරිකා සෙබලුන් ඉරාකයෙන් ඉවත්කර ගැනීම සිදුවන්නේ.

ඇමෙරිකා සෙබලුන් මෙන්ම ඉරාකයේ සේවයේ නියුතු අනෙකුත් බටහිර රටවල හමුදා කණ්ඩයන් ඉවත් කර ගැනීමද මේ හරහා සිදුකිරීමට නියමිතයි.

ලබන 2025 වසරේ සැප්තැම්බර් මාසය වනවිට ඉරාකයේ සේවයේ නියුතු ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සෙබලුන් සිය ගණනක් ඉවත්කර ගනු ඇති. එමෙන්ම 2026 වසර අවසානය වනවිට ඉරාකයෙන් සියලු විදෙස් හමුදා ඉවත් කර ගැනීමටද නියමිතයි.

කෙසේ වුවද හමුදා කණ්ඩයන් ඉවත්කර ගැනීම ආරම්භ කරන දින සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයකට පැමිණ නැති බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකා යුද සෙබලුන් ඉවත් කර ගැනීම ප්‍රමාදවීමට ඊශ්‍රායලයේ ගාසා යුද මෙහෙයුම් හේතුවී ඇති බව ඇමෙරිකා හා ඉරාක ඉහළ පෙළේ හමුදා නිලධාරීන් මාධ්‍ය වෙත පවසා ඇති බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com