ගම්පොළ ජන හමුවක සාදයත් අත්හිටුවයි

ගම්පොළත් ජන හමුවක සාදයක් අත්හිටුවයි

ගම්පොළත් ජන හමුවක සාදයක් අත්හිටුවයි

ස්වාධීන ජනාධිපති අපේක්ෂකයකුට සහාය පළ කරමින් පැවති ජන හමුවක් අවසානයේ පැවැත්වීමට සූදානම් වූ සංග්‍රහයක් අත්හිටුවා තිබෙනවා.

ඒ මැතිවරණ කොමිසම මැදිහත් වීමෙන්.

මහනුවර, ගම්පොළ, බෝතලාපිටිය ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී පැවති ජන හමුවකින් අනතුරුව ආධාරකරුවන්ට සංග්‍රහයක් සූදානම කර තිබුණා.

එහිදී රැස්වීමට පැමිණි ආධාරකරුවන්ට රාත්‍රී ආහාරය ලෙස බුරියානි ලබාදීමට සූදානම්ව සිට තිබු අතර ආධාරකරුවන් 1,500ක් සඳහා සංග්‍රහය ලබාදීමට සූදානම් කර තිබූ බවද පැවසෙනවා.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව නිලධාරීන් වැටලීම සඳහා ගොස් තිබුණා.

ඒ අනූව සංග්‍රහය අවලංගු කර එම ආහාරවලින් කොටසක් ගම්පොල පොලිස් භාරයට පත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබු අතර මෙම හමුව සඳහා ප්‍රබල දේශපාලකයන් පිරිසක් එක්ව සිටි බව වාර්තා වුණා.

එම පිරිස පැමිණීමට පෙරාතුව මැතිවරණ කොමිසමේ නිලධාරීන් එහි පැමිණ මෙම ආහාර ඔවුන් භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

පසුව ඒ සම්බන්ධයෙන් එම නිලධාරීන් ගම්පොළ පොලිසියේ සටහනක් දමා පිටව ගිය බවයි වාර්තා වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *